කොළඹ කේක් සෑදීම සදහා අවශ්‍ය බඩු අඩු මුදලට ලබා ගත හැකි ස්ථාන

                              පෙටා එසන්ස් 


 🔹පෙටා එසන්ස් 

 කේක් නිර්මාණ ශිල්පීන් අතර ඉතා ජනප්‍රිය කඩයක් වූ මෙම පෙටා එසන්ස් කේක් බඩු කඩය තුළින් කේක් සෑදීමට ගන්නා රසකාරක, එසන්ස් වර්ග, චොකලට් වර්ග, ටොපර්ස් වැනි නොයෙකුත් බඩු අඩු මුදලට මිලදී ගැනීමට හැකි ස්ථානයකි.මෙම කඩය ගෑස්පහ හන්දිය අසල ඇති ඉතාම ජනප්‍රිය කඩයකි.හෝටල් හිමියන් සහ වෙඩින් කේක් සාදන බොහෝ පිරිසක් තම අවශ්‍යතාවන් සපුරා ගන්නේ පෙටා එසන්ස් කඩය තුළිනි.


සම්බන්ධ කර ගැනීමට 

0112326235


                          ලතීෆියා ස්ටෝර්ස් 


🔹 ලතීෆියා ස්ටෝර්ස් 

පෙටා එසන්ස් කේක් බඩු කඩය මෙන්ම ප්‍රසිද්ධ තවත් කඩයක් නම් මෙම ලතීෆියා ස්ටෝර්ස්ය.මෙම කඩය සෙන්ට් ජෝන් ස්ට්‍රීට්හි කෙළවරේම පිහිටා ඇත.ගුණාත්මකභාවය ඉහළ බඩු මෙම කඩය තුළින් අපට මිළ දී ගැනීමට හැකියාවක් ඇත.මෙහි කේක් සෑදීමට යොදා ගන්නා සෑම අමුද්‍රව්‍යක්ම මිලදී ගැනීමට හැකියාවක් ඇත.


සම්බන්ධ කර ගැනීමට

0112434679



සෙන්ට් ඇන්තනීස් ස්ටෝර්ස්


🔹3. සෙන්ට් ඇන්තනීස් ස්ටෝර්ස් 


සෙන්ට් ජෝන් ස්ට්‍රීට්හි ලතීෆියා කේක් බඩු කඩයට අසලින්ම පිහිටා ඇති මෙම කඩයද කේක් බඩු සදහා ඉතාමත් ප්‍රසිද්ධියක් උසුලයි.මෙහි කේක් අමුද්‍රව්‍යවලට වඩා කේක් සෑදීමට අවශ්‍ය කරන ටූල්ස් වර්ග මිලදී ගැනීමට හැකියාවක් ඇත.අනෙක් කඩවල්වලට සාපේක්ෂව මෙහි ඇති බඩු මිළ ඉහළ නමුත් ප්‍රමිතියෙන් උසස් බඩු මිලදී ගැනීමට හැකියාවක් ඇත.


සම්බන්ධ කර ගැනීමට 

0112325608


ත්‍රී ස්ටාර්


4. ත්‍රී ස්ටාර් 

මෙම කඩය ගෑස්පහ හන්දියේ ප්‍රධාන පාර දෙසට පැමිණෙන විට ඇති ඉතාමත් කුඩා කඩයකි.මෙහි ප්‍රධාන ලෙසම කේක් ට්‍රේ මිලදී ගැනීමට හැකියාවක් පවතී.අනෙක් කඩවල්වල නැති බොහෝ කේක් උපකරණ මෙම ස්ථානයෙන් සාධාරණ මුදලකට ලබා ගැනීමට හැකියාව පවතී

සම්බන්ධ කර ගැනීමට 

0112322344


              කොළඹ මෙම සියලුම කේක් බඩු කඩවල්වලින් ඉතාමත් සාධාරණ මුදලකට ප්‍රමිතියෙන් උසස් බඩු මිලදී ගත හැකි අතර තොග සහ සිල්ලර යන දෙවිදිහටම බඩු ලබා ගත හැක.


Comments

Post a Comment

Popular posts from this blog

බටර් කේක් සාදා ගන්නා ආකාරය

Anniversary cake 🎂