බටර් කේක් සාදා ගන්නා ආකාරය

 අවශ්‍ය දේවල් 

🔹250g බටර්
🔹250g සීනි(පවුඩර් ලෙස ග්රයින්ඩර් කරගන්න)
🔹250g පාන් පිටි (baking powder ⁣තේ හැදි එක හමාරක් දමා තුන්වරක් හලා ගන්න)

🔹බිත්තර 4
🔹වැනිලා තේ හැදි 2,
🔹කිරි මේස හැදි 2(උකුවට හදා ගන්න

🔹ලුණු තේ හැදි කාලක්

🔹දෙහි බිංදු දෙක තුනක්

🔸බටර් ශීතකරනයෙන් එලියට ගෙන පැයක් පමන තබා කුල් එක තියෙද්දීම බීට් කරන්න.
🔸විනාඩි 5 ක් පමන බීට් කරන්න.
🔸කුඩු කරගත් සීනි ටික ටික දමමින් බීට් කරන්න.
🔸ඉන්පසු බිත්තරය බැගින් එක්කරමින් බීට් කරන්න.
🔸එ අතරම වැනිලා සහ කිරි එකතුකර ටිකක් බීට් කරන්න.
🔸මේ සියල්ල බීට් කරන කාලය විනාඩි 20 ක් විය යුතුයි.
🔸ක්‍රීම් ගතියට ආ විට හලාගත් පිටි ටිකටික එකතුකරමින් ලී හැන්දකින් එකම අතකට මිශ්‍ර කරන්න.

🔸තැටියට බටර් ස්වල්පයක් ගා මිශ්‍රණය දමා තුනී කරන්න
🔸තැටියෙන් 3/4 ක් පිරෙන තෙක් පමනක් දමන්න.
🔸නැතිනම් බේක් වනවිට තැටිය ඉඩ මදි වේ.
සෙන්ටිග්‍රඩ් 180 ට විනාඩි 5ක් රත්කරගත් අවන් එකක කේක් එක බේක් කරන්න.
🔸ටික වේලාවකින් උෂ්ණත්වය 160-170 පමන අඩු කරගෙන පාලනය කරගන්න.
🔸විනාඩි 35කට පමන පසු අවන් එක ඇර ටූත් පික් එකක් ඇන බලන්න.
🔸එය වියලිව ඇත්නම් හොදින් බේක් වී ඇත
🔸වි.40-50 පමන බේක් කරගන්න.
🔸බේක් වන විට සුවද දැනේ.
🔸එක එක අවන් වල ක්‍රියාකාරිත්වය වෙනස් නිසා අත්දැකීමෙන්ම මෙය හුරැ වේ.



Comments

Post a Comment

Popular posts from this blog

කොළඹ කේක් සෑදීම සදහා අවශ්‍ය බඩු අඩු මුදලට ලබා ගත හැකි ස්ථාන

Anniversary cake 🎂